කැනඩාවේ ජාත්යන්තර සංවර්ධන පර්යේෂණ ආයතනය තම PAN Asia Networking වැඩ සටහන හරහා

 

 

 

IDRC

 

සහ

 

  PAN ASIA

 

 

 

 

 

පකිස්තානයේ පරිගණක සහ නූතන විද්යාව සඳහා වූ ජාතික විශ්වවිද්යාලය තම උර්දු භාෂා පර්යේෂණ මධ්යස්ථානය හරහා

 

 

 


NUCES 

 

 


CRULP

 

 

2004 ආරම්භ කොට 2007 දී පළමු අදියර සාර්ථක ලෙස නිම කොට 2010 දී නිමාව දකින  දකුණු හා අග්නි දිග ආසියා ආයතනයන්හි දේශීය භාෂා පරිගණක භාවිත සක්යතාවය ගොඩ නැංවීම් වස් ඇති කර ගත්තාවූ පෑන් දේශීයකරණ ව්යාපෘතිය සඳහා තම අඛණ්ඩ සහභාගිත්වය  මෙසේ සතුටින් පළ කර සිටිමු.

පෑන් දේශීයකරණ ව්යාපෘතියේ පළමු අදියර  ආසියානු රටවල් හතක දේශීය භාෂාවලට අදාළ ප්රමිතීන් සහ තාක්ෂණ විධි ක්රම සංවර්ධනය කටයුතු කෙරේ යොමු වූයේ . ව්‍යාපෘතිය සඳහා සහභාගී වන රටවල් සහ භාෂාවන් වන්නේ ඇෆ්ගනිස්ථානය(පාස්තෝ),බංගලාදේශය(බංගලා), භූටානය(සොන්ග්කා), කාම්බෝජය(ලක්මර්), ලාඕසය(ලාඕ), නේපාලය(නේපාලී) සහ ශ්‍රී ලංකාව(සිංහල/දෙමළ) යි.

ව්යාපෘතියේ පළමු අදියර අවසානයේදී මෙම රටවල් යෝජිත විවිධ පර්යේෂණ කටයුතු සාර්ථක ලෙස නිම කොට දේශීය භාෂා තාක්ෂණ හා එම භාවිතයන් ගේ සංවර්ධන කටයුතු නිමා කළහ. එම නිමැවුම් අතර ඩොන්කා සහ නේපාල භාෂාවන් සඳහා ලිනක්ස්  සංවර්ධනය කොට බෙදාහැරීම, සිංහල, බංග්ලා සහ ලාඕ භාෂා සඳහා අක්‍ෂර හඳුනාගැනීමේ මෘදුකාංගය, බංග්ලා, ඩොන්කා, ක්මර්, ලාඕ සහ නේපාල භාෂාවන් සඳහා ශබ්ද කෝෂ හා අක්‍ෂර සෝදිසි උපයෝගිතාවන්, සිංහල සඳහා පරිගණක භාෂණ පද්ධති සහ යතුරු පුවරු, ෆොන්ට් සහ ආකරාදී ප්‍රමිතීන් වේ. අදාළ පර්යේෂණ නිමැවුම් සහ මෘදුකාංග පිළිබඳ පූර්ණ ලේඛනයක් නිමැවුම් සබැඳි යටතේ තබා ඇත.

මෙම ව්යාපෘතිය මඟින් සියලු සහභාගිත් රටවල් සඳහා ඔවුන්ගේ භාෂා තාක්ෂණ සංවර්ධන හැකියාව වැඩි දියුණු කර ගැනීම් වස්  දේශීය හා කලාපීය වශයෙන් දීර්ඝ හා කෙටි කාලීන වශයෙන් විස්තෘත පුහුණු වැඩ සටහන්  පවත්වනු ලැබීය. අන්දමට පුහුණුව දෙනු ලැබූ විෂයන් අතර වාග් විද්යාව, ප්රමිති වර්ධනය, විවෘත මෘදුකාංග  දේශීයකරණය, භාෂා පැසුරුම්, අක්ෂර මාලා පැසුරුම් හා පරිගණකාශ්රිත වාග්විද්යාව වේ. පුහුණු වැඩ සටහන් පිලිබඳ විස්තර හා එම පුහුණු විෂය කරුණු ව්යාපෘති වෙබ් අඩවියේ ක්රියාකාරකම් ඇමුණුම යටතේ දක්වා ඇතපළමු අදියර යටතේ භාෂා පිරිගණක දැනුම ආසියා කරයේ පර්යේෂක ජාලයක් අතරේ බෙදා. ව්යාපෘතිය මඟින් දිගටම පර්යේෂණ වාර්තා එළි දැක්වීම, ඵලදායී වැඩ සටහන්, ප්රතිඵල සහ නිර්දේශ ලේඛනගත කරනු ලැබීය.

පෑන් දේශීයකරන දෙවන අදියර මගින් සන්නිවේදනය සඳහා දේශීයකරන තාක්ෂණ භාවිතා කරන්නාවූ උදවියගේ අංකික සාක්ෂර භාවය පිළිබඳ ඇති වන්නාවු අභියෝග ගැන පර්යේෂණ කරනු ලැබේ. ව්යාපෘතිය තවදුරටත් භාෂා වලට අදාළ තාක්ෂණ වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරනු ඇත.

ව්යාපෘතයේ දෙවන අදිරේ මූලික අරමුණු මෙසේ වෙයි:

1. දේශීය භාෂා භාවිතය තුළ පිරිගණනය සහ අන්තර්ගතය මඟින් ආංකික සාක්ෂරභාවය වැඩිදියුණු කිරීමේ ඵලදායී විධි ක්රම  පිරික්සීම

2. ආසියානු භාෂා සඳහා දැනට පවතින තාක්ෂණ සහාය තවදුරටත් දියුණු කිරීම් වස් දේශීය භාෂා වලට අදාල පර්යේෂණ හා සංවර්ධන ධරණීය මානව සම්පත් සක්යතාව වර්ධනය කිරීම 

3. දේශීය පිරිගණනය සහ අන්තරගත භාවිතයට සහ වර්ධනයට උසස් ප්රතිපත්ති

4. ග්රාමීය ජන කොටස් දේශීය භාෂා තාක්ෂණය භාවිතා කිරීම සම්බන් බහු විෂයානුබද් පර්යේෂණ වල ඵලදායීතාවය මිනීම සඳහා සංසක්ත විධි ක්රම අධ්යනය කොට වර්ධනය කිරීම

මෙ ව්යාපෘතියට නායකත්වය දෙනු ලබන්නේ CRULP, NUCES පර්යේෂකයන් විසිනි. CRULP ආසියානු රටවල තොරතුරු සංනිවේදන පර්යේෂකයන්, වෘත්තිකයන්, වාග් විද්යාඥයන් හා රාජ් ආයතන වල, විශ්ව විද්යාල වල සහ පෞද්ගලික අංශයේ ප්රතිපත්ති සම්පාදකයන් සම්බන්ධී කරන කටයුතු කරනු ඇත. දෙවන ව්යාපෘතිය සඳහා සහභාගී වන රටවල් සහ භාෂාවන් වන්නේඇෆ්ගනිස්ථානය(පාස්තෝ), බංගලාදේශය(බංගලා), භූටානය(සොන්ග්කා), කාම්බෝජය(ලක්මර්), චීනය(ටිබෙට්), ලාඕසය(ලාඕ), මොන්ගෝලියාව( මොන්ගෝලියානු), පකිස්ථානය(උර්දු), නේපාලය(නේපාලී) සහ ශ්රී ලංකාව(සිංහල/දෙමළ) යි.

දෙවන අදියර අරමුණු කරගන්නේ මෙම කාර්යයේ ඉලක්ක වූ සමාජ ආර්ථික ප්රතිලාභය රටවල අවසන් පරිශීලකයන්ට ලැබෙන අයුරින් පළමු අදියරේ ගොඩනැඟුනු දේශීය තාක්ෂණය භාවිතා කිරීමේ පුහුණුව ලබා දීමටයි. ව්යාපෘතිය මඟින් බොහෝ පාර්ශව රටවල විවිධ අන්දමේ කංඩායම් සඳහා ඵලදායී පුහුණුවක් ලබා දීමට අරමුණු කෙරේ. එම කංඩායම් අතර දේශීය භාෂාවනට අදාළ දෑ විමසීමට ලක් කිරීමට සහ ප්රකාශයට පත් කිරීම සඳහා වන කොටස්, ග්රාමීය ජන කොටස්, ශිෂ්යයන්, පූජ් පක්ෂය, රාජ් නිලධාරීන්, පුද්ගලික අංශය වේ. මෙම කංඩායම් සඳහා ප්රලේඛණ පැසුරුම, විද්යුත් තැපෑල භාවිතා කිරීම, අන්තර ජාල භාවිතය සහ දේශීය භාෂා භාවිතා කොට වෙබ් අඩවි තුළ ප්රකාශණය ආදිය ගැන පුහුණුවක් ලබා දෙනු ඇත. මෙම යෝජිත පුහුණු පාඨමාලා සකස් කෙරෙන්නේ එම රටවල දේශීය භාෂා වලින්මය.

පෑන් දේශීයකරණ ව්යාපෘතියේ දෙවන අදියර  ව්යාපෘතියේ සියළු භාෂා සඳහා සංවර්ධනය , අවශ්යතා සොයා බැලීම සහ නිර්මාණ කටයුතු සහ ක්රියාත්මක කිරීම. මූලික වශයෙන් භාවිත කංඩායම් සඳහා නිසි ආදර්ශණ සහ ජන කොට්ඨාශ වල දේශීය භාෂා අවශ්යතා ගැන පර්යේෂණය උනන්දු වනු ඇත. ඊට අමතරව දේශීය භාෂා අන්තර්ගතයන් අන්තර් ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් දැනට පවතින ප්රමිතීන් වල සඵලතාව ගැන අධ්යනයන් කිරීමට අපේක්ෂිතය. දේශීය භාෂා අන්තර්ගතයන් හා මූලාශ් අන්තර් ජාලයේ පළ කිරීමේ කටයුතු වැඩි දියුණූ කිරීම පිළිබඳ පර්යේෂණ වාර්තා ඇති කිරීම මෙම ව්යාපෘතියේ තවත් අංගයකි.

කලාපයේ භාෂා සඳහා උසස් පරිශීලක යෙදුම් තහවුරු කොට තවදුරටත් සංවර්ධනය කිරීම සහ  මතුවෙමින් පවත්නා ජංගම දුරකථන පිහිටුම් දේශීයකරණය පිළිබඳ හැකියාව සොයා බැලීම දෙවන අදියර අරමුණු කරයි. දේශීය භාෂා ප්රමිතීන් සහ දේශීය භාෂා තාක්ෂණය  සඳහා දැනට ඇති මෙවලම් සහ රාමු  සංවර්ධනය කිරීමේලා ඇති අභියෝගයන් සහ ඵලදායී විධි ක්රම අධ්යයනය කෙරේ. යෝජිත නිමැවුම් අතර භාෂණ හඳුනා ගැනීමේ පද්ධති, ලේඛන කථනයට හැරවීමේ මෘදුකාංග, විවෘත ඔෆීස් දේශීයකරණය, ජංගම යෙදුම්, ලිනක්ස් බෙදා හැරීම්, භාෂා පැසුරුම් යෙදුම්, උදා. ප්රවර්ග වාක්සංහිතා, සමගාමී වාක්සංහිතා, වාග් ඛණ්ඩක , පද හා වාක් විචාරක පරිගණක   යෙදුම් වෙයි. මෙම සියලු යෙදුම් බහු භාෂා මාධයෙන් රටවල වර්ධනය කෙරේ.

දේශීය භාෂා තාක්‍ෂණය, පුහුණුව සහ අන්තර්ගතය සහ එවන් කාර්යයන් සඳහා ඇගයීම් විධි ක්‍රම සංවර්ධනය කොට අනුග්‍රහ දැක්වීම සඳහා ප්‍රතිපත්ති සහාය ලබා ගැනිමට ද ව්‍යාපෘති අපේක්‍ෂා කරයි. මේ කලාපය පුරා ව්යාප්ත වැඩපිළිවෙල මගින්, කලාපයේ තාක්ෂණික සංවර්ධනයෙන් ප්රතිලාභ නො ලබන ජනගහණයක් නියෝජනය කරනඉංග්රීසි භාවිත නො කරන ග්රාමීය ආසියානු ජනාතාවට සෙත සැලසෙයි.